අනුරාධපුර “අභයාරාජගම” උදාගම්මානය ජනතා අයිතියට පැවරීම අද

Share

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම නුවරගම් පළාතේ පහළගම ඉදිවූ “අභයාරාජගම” නිවාස ගම්මානය අද (28) නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පැවරීමට නියමිතය.
මෙම ගම්මානයේ නිවාස ගණන 23කි. මෙහි නිවාස ඉදිකර ගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිලාභීන් වෙත අඩුපොළී නිවාස ණය ලබා දී තිබේ.
මෙය ද ප්‍රජා සහභාගීත්ව නිවාස ගම්මාන වැඩපිළිවෙළ යටතේ ඉදි වූ උදා ගම්මානයකි.
මෙම ගම්මානයේ මුළු භූමි ප්‍රමාණය අක්කර 3කි. සෑම නිවසකටම පර්චස් 15බැගින් වූ බිම් කොටස් ලබා දී තිබේ.
ගම්මානය විදුලිය හා පිරිසිදු පානීය ජල සැපයුමකින් ද විධිමත් ම සකස් කළ ප්‍රවේශ හා අභ්‍යන්තර මාර්ග පද්ධතියකින් ද සමන්විතය.

Read more

Local News