බේරුවල ජල සම්පාදන යෝජනා ක්‍රමයේ නව ජල ගබඩා ටැංකිය ජනතා අයිතියට

Share

සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ඉල්ලීමකට අනුව රුපියල් මිලියන 170 ක මුදලකින් ඉදිකරන ලද බේරුවල ජල සම්පාදන යෝජනා ක්‍රමයේ නව ජල ගබඩා ටැංකිය ජනතා අයිතියට පත් කිරීම පසුගිය ද සිදු විය.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නගර සැළසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ සහභාගීත්වයෙන් බේරුවල දී ජනතාව අතට පත් කිරීම සිදු කරන ලදි.

ජපන් තාක්ෂණය සහ මූල්‍යාධාර මත ඉදිකරන ලද මෙම ජල ටැංකියේ ඝණ මටර් 2000 ක් ජලය ගබඩා කර තබා ගැනීමට හැකිය. ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය රුපියල් මිලියන 100 ක් සහ ලක් රජය රුපියල් මිලියන 70 ක් මෙම ව්‍යාපෘතියට ලබා දී ඇත. බේරුවල ප්‍රදේශයේ 8400 පමණ වන ජනතාවගේ සහ අළුත්ගම ප්‍රදේශයේ 16800 කට සහ තවත් පවුල් 2100 කට මෙමගින් පානීය ජලය සැපයේ.

Read more

Local News