පවතින කාලගුණ තත්ත්වයේ වෙනසක්

Share

පවතින කාලගුණ තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කෙර‌ෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (30) නිකුත් කළ නිවේදනය‌ේ සඳහන් ව‌ෙයි.

නැගෙනහිර පළාතේ සහ බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවේ.

විශේෂයෙන් මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක් තද වැසි ඇති විය හැක.

උතුරු සහ උතුරුමැද පළාත්වල සිහින් වැසි ඇතිවිය හැක.

හම්බන්තොට, මොනරාගල, අම්පාර, මාතලේ, පොළොන්නරුව සහ පුත්තලම දිස්ත්‍රික්කවල විටින් විට හමන පැ.කි.මී. 40-50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැක.

Read more

Local News