වත්මන් අධ්‍යාපන ක‍්‍රමය තාරුණ්‍යයේ අවශ්‍යතා ඉටු කිරීමට ප‍්‍රමාණවත් නොවන බව සරත් අමුණුගම මහතා පවසයි

Share

වත්මන් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ක‍්‍රමය ශ්‍රී ලංකාවේ තාරුණ්‍යයේ අවශ්‍යතාවය ඉටු කිරීමට තරම් ප‍්‍රමාණවත් නොවන බව විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු හා කන්ද උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍ය සරත් අමුණුගම මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය මගින් හඳුන්වාදෙන ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ නිපුණයන් බිහිකරන දින 120 කඩිනම් පාඨමාලාවේ සමාරම්භක උත්සවයට සහභාගී  වෙමිනි.
මෙම පාඨමාලා යටතේ මාතර දිස්ත‍්‍රික්කයෙන් තොරා ගත් තරුණ තරුණියින් 60ක් දැව තාක්ෂණ ශිල්පී, ජලනල තාක්ෂණ ශිල්පී, ඉදිකිරීම් ශිල්පී යන ක්ෂේත‍්‍ර යටතේ පුහුණුව හදාරා ඇත.
පාඨමාලාව අවසානයේදී මෙම තරුණ තරුණියන් හට NVQ 3 මට්ටමේ සහතිකයක්, රුපියල්  60000 දහසක දීමනාවක්, ආයුධ කට්ටලයක් හා දේශිය හෝ විදේශීය රුකියාවක් ලබා දීමට සැලසුම් කර ඇත.

Read more

Local News