ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා සමූහයට තවත් නවතම ගුවන් යානයක්

Share

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා සමූහයට තවත් නවතම ගුවන් යානයක් අද (30) එක්වී ති‌බේ.

මෙය එයා බස් සමාගම විසින් ජර්මනියේ හැම්බර්ග් කර්මාන්තශාලාව නිෂ්පාදනය කරන ලද A-321neo වර්ගයේ ගුවන් යානයකි.

මෙම යානය ඉන්ධන පිරිමැසීම සහ සුළං ප්‍රතිරෝධය අවම කරමින් පියාසර කළ හැකි ආකාරයට නවතම නිර්මාණයක් ලෙස සකස් කර තිබේ.

මෙම ගුවන් යානයේ දිග අඩි 146 ක් වන අතර, පියාපත් අතර දිග අඩි117.5 කි. උස අඩි 37.7 කි.

මෙම යානය තුළ ව්‍යාපාරික පංතියේ මගීන් 12 කට, පිරිමැසුම්දායක පංතියේ මගීන් 176 කට සහ ගුවන් නියමුවන් දෙදෙනා සමඟ කාර්යය මණ්ඩලයේ 06 දෙනෙකුට ද එකවර ගමන් කළ හැකිය.

Read more

Local News