රත්නාවල ඇල්ල ආශ්‍රිතව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර

Share

දැරණියගල මැතිවරණ කොට්ඨාසයේ පිහිටා ඇති සුන්දර දියඇල්ලක් වන රත්නාව ඇල්ල ආශ්‍රිතව සංචාරක, ආකර්ශණීය කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට සබරගමුව පළාත් සභාව කටයුතු කරයි.
රත්නාවල ඇල්ල ආශ්‍රිතව ක්‍රියාත්මක මෙම සංචාරක ව්‍යාපෘතිය පිළිබඳ නිරීක්ෂණ චාරිකාවක සබරගමුව පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය සහභාගි විය.
දෙස් විදෙස් සංචාරකයින්ගේ ඇස නොගැසුනු අතිශය දුෂ්කර ප්‍රදේශයක, මෙම දියඇල්ල පිහිටා ඇත.
මෙම තත්ත්වය නිසාම ඇතැම් දැව ජාවාරම්කරුවන් විසින් රත්නාව ඇල්ල ආශ්‍රිතව මහ පරිමාණ දැව ජාවාරමක නියැලෙමින් සිටියි.
පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරයක් ලෙස මෙම සංචාරක කලාපය සංවර්ධනය කිරීමට සබරගමුව පළාත් සභාව කටයුතු කර ඇත. එමෙන්ම පෞද්ගලික අංශයෙන් ද දායකත්වය මත සියළු පහසුකම්වලින් සමන්විත සංචාරක නිකේතනයක් ද මේ යටතේ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.

Read more

Local News