දැරණියගල මහායාය විදයාලයේ ඉදිකළ නව දෙමහල් ගොඩනැගිලි සංකීර්ණය සිසු අයිතියට

Share

රුපියල් ලක්ෂ එකසිය පනහක් (150) වැයකර දැරණියගල මහායාය විදයාලයේ ඉදිකළ නව දෙමහල් ගොඩනැගිලි සංකීර්ණය පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය අතින් සිසු අයිතියට පවරනු ලැබීය.
අංග සම්පූර්ණ ශ්‍රවණාගාරයක්, පුස්තකාලයක්, කාර්යාල පරිශ්‍රයක් සහ පංති කාමරවලින් සමන්විත වන ආකාරයෙන් මෙම ගොඩනැගිලි සංකීර්ණය ඉදිකර ඇත.
1951 වර්ෂයේදී ආරම්භ කළ දැරණියගල මහායාය විද්‍යාලය, 2003 වර්ෂයේදී වසාදමා තිබූ අතර, නැවත 2005 වර්ෂයේදී මෙම විද්‍යාලය විවෘත කිරීමට සබරගමුව පළාත් සභාව කටයුතු කර ඇත. මේ වන විට 1-5 ශ්‍රේණි දක්වා පංති පවත්වනු ලැබූ  මෙම විද්‍යාලයේ නව ගොඩනැගිල සංකීර්ණය ලැබීමත් සමග 1-11 දක්වා පංති පැවැත්වීමට හැකියාව හිමිවේ.

Read more

Local News