ප‌ෞද්ගලික බස් රථ ද‌ෙකක් මුහුණට මුහුණලා ගැටීම‌ෙන් කාන්තාවකට තුවාල

Share

අද (31) උදෑසන සිදු වු රිය අනතුරකින් කාන්තාවක් බරපතල ල‌ෙස තුවාල ලබා නාවලපිටිය මුලික ‌ර‌ෝහලට ඇතුළත් කළ බව නාවලපිටිය පා‌ෙලිසිය පවසයි.

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වු ප‌ෞද්ගලික බස් රථයක් සහ නාවලපිටිය සිට ගිනිගත්‌හේන දක්වා ධාවනය වු ප‌ෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණලා ගැටීම‌ෙන් හැටන් සිට මහනුවර දක්වා ධාවනය වු බස් රථයේ ගමන් ගත් කාන්තාවක් ම‌ෙල‌ෙස තුවාල ලබා ඇත.

ම‌ෙම අනතුර සිදු වී ඇත්ත‌ේ නාවලපිටිය ගිනිගත්‌හේන ප්‍රධාන මාර්ගයේ ද‌ෙ‌කේ කණුව හුලංගස්හින්න ප්‍රදේශයේදී යි.

නාවලපිටිය සිට ගිනිගත්‌හේන දක්වා අධික ‌වේගයෙන් ධාවනය වු ප‌ෞද්ගලික බස් රථය එම දිශාවටම ගමන් ගත් ල‌ොරි රථයක් අපරීක්ෂාකාරී ල‌ෙස ඉස්සර කර යාමට උත්සහ කිරිමේදී ප්‍රතිවිරුද්ධ දිශාව‌ෙන් ඉදිරියට ධාවනය වු බස් රථයේ ගැටී ම‌ෙම අනතුර සිදු වී ඇති බවයි අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වන නාවලපිටිය පා‌ෙලිසිය පවසන්න‌ේ.

Read more

Local News