කල් ඉකුත් වීමේ දින වෙනස් කර බීම අලෙවි කරන ජාවාරමක් වටලයි

Share

වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් වැල්ලවාය තණමල්විල මාර්ගයේ පිහිටි වෙලදසැල් රැසක් හදිසි සොදීසි මෙහෙයුමකට ලක් කර ති‌බේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර ඇති අතර එහිදී වැල්ලවාය තෙලුල්ල ප්‍රදේශයේ බීම ගෙන්වා බෙදා හරින මධ්‍යස්ථානයක් වටලා ඇත.

එහිදී එම ස්ථානයේ කල් ඉකුත් වූ බීම බෝතල් වල කල් ඉකුත් විමේ දිනය රසායනික ද්‍රව්‍යයක් යොදා වෙනස් කරමින් වෙලදසැල් වෙත අලෙවි කරන ජාවාරමක් වටලා ති‌බේ.

මෙම ස්ථානයේ දී බීම බෝතල් වල කල් ඉකුත් වීමේ දිනය මකා දමා එවා හොද තත්ත්වයේ පවතින බීම බෝතල් සමගින් මිශ්‍ර කර සූක්ෂම ලෙස වෙලදසැල් වලට මුදා හැරි ඇති බවට තොරතුරු අනාවරණය විය.

එහිදී එම ස්ථානයේ තිබූ රසායනික ද්‍රව්‍ය අඩංගු බෝතල්, කල් ඉකුත් වූ බීම බෝතල් සහ උපකරණ රැසක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අත්අඩංගුවට ගත් අතර එම ස්ථානයට මුද්‍රා තබා ඇත.

Read more

Local News