වැල්ලවත්තේදී හෙරොයින් ජාවාරම්කරුවන් පිරිසකට පොලිසියෙන් වෙඩි

Share

වැල්ලවත්ත, චාලිමන්ට් පාර ප්‍රදේශයේ හෙරොයින් ජාවාරමේ යෙදුන පිරිසකට පොලීසිය විසින් ඊයේ (31) රාත්‍රීයේ වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

වැල්ලවත්ත පොලීසියට ලද තොරතුරක් මත නිලධාරීන් කණ්ඩායමක් විසින් එම ස්ථානයට ග‌ොස් ඇති අතර එහිදී ම‌ෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිස පළා යාමට උත්සාහ කර ඇති අතර පොලිස් නිලධාරීන් එම අවස්ථාවේදී ඔවුන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත.

අදාළ වෙඩි තැබීමෙන් කාර් රථයේ සිටි, මෙහි ප්‍රධානතම ජාවාරම්කරු බවට සැකකරන පුද්ගලයාට වෙඩි වැදී තුවාල සිදුව ඇත.

පොලිසිය සඳහන් කළේ, ඔහු මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

Read more

Local News