යාපන‌යේ පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අද සිට අවලංගු කිරීමට පියවර

Share

යාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලි සහ ධනුරොක් කල්ලි අතර ගැටුම් පවතින ප්‍රදේශයන්හි පිහිටි පොලිස් ස්ථානයන්හි රාජකාරි කටයුතුවල නිරත වන සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අද (02) සිට අවලංගු කිරීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

උතුරු පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින් අදාළ නියෝගය නිකුත් කර තිබේ.

අදාළ කල්ලි අතර දෛනිකව ඇතිවන ගැටුම් නැවත්වීම සඳහා මෙන්ම එම සාමාජිකයින් අත්අඩංගුවට ගෙන එම ප්‍රදේශයන්හි වාතාවරණ සාමාන්‍ය අතට පත්වන තුරු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු මෙසේ අවලංගු කර ඇත.

Read more

Local News