මෝදර ප්‍රද‌ේශය‌ේ වෙඩි තැබීමක්

Share

අද (03) දහවල් 12.50ට පමණ මෝදර පොලිස් වසමේ මුතුවැල්ල මාවතේ, පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පළා ගොස් තිබේන බවට වාර්තා ව‌ෙයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළ‌ේ, වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට කොළඹ, ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි.

මෙසේ තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 62 ක් වයසැති පුද්ගලය‌ෙකි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෝදර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Read more

Local News