ශිෂ්‍යත්ව විභාගය හෙට පැවැත්වෙයි

Share

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (5) පැවැත්වෙන අතර, විභාගය පැවැත්වෙන කාලසීමාවේ විභාග මධ්‍යස්ථාන ලෙස යොදා ගනු ලබන පාසල්වලට එම පාසලේ ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය ද ඇතුළත්ව අවසර නොලත් කිසිදු පුද්ගලයකු ඇතුළු වීම තහනම් බවත්, විදුහල්පති කාර්යාලය ද වසා තැබිය යුතු බවත් විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා දැනුම්දෙයි.

ශිෂ්‍යත්ව විභාගය හෙට (5) පෙරවරු 9.30ට ආරම්භ වී එදින මධ්‍යහ්න 12.00ට අවසාන් වීමට නියමිතය.

මෙවර ශිෂ්‍යත්ව විභාගය රට පුරා විභාග මධ්‍යස්ථාන 3050ක දී, සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 497ක් යටතේ පැවැත්වෙන අතර, අයදුම්කරුවන් 355326 දෙනකු විභාගයට පෙනී සිටීමට නියමිතය.

Read more

Local News