නයිගල්ආර වැවේ අක්‍රමවත් ප්‍රතිසංස්කරණ නිසා ප්‍රදේශයේ ගොවින් දැඩි පීඩාවකට

Share

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තෙලුල්ල ජනපද ග්‍රාම නිලධාරී වසමේ නයිගල්ආර වැවේ අක්‍රමවත් ප්‍රතිසංස්කරණ නිසා ප්‍රදේශයේ ගොවින් දැඩි පීඩාවකට පත් වී තිබෙන බවට වාර්තා ව‌ෙයි.

මෙම වැවෙන් ජලය ලබාගෙන අක්කර සියගණනක් කුඹුරු සහ ගොඩ ඉඩම් වගා කලද වැව් ජලය නොමැති නිසා කන්න හයක් කිසිදු වගාවක් කිරීමට නොහැකි වූ බව ජනතාව පවසයි.

එම නිසා ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථිකය ද සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති අතර ජනතාව දැඩිලෙස පීඩාවට පත් වී තිබේ.

2016 වර්ෂයේදී ගොවිජන සේවා ද‌ෙපාර්තමේන්තුව මගින් රුපියල් ලක්ෂ ගනනක මුදලක් වියදම් කරමින් වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු කලද මේ වන විට වැව් බැම්ම සම්පූර්ණයෙන්ම ඉරි තැලී විනාශ වී ගොස් ඇත.

Read more

Local News