උසස් පෙළ විභාගය අද ඇරඹේ

Share

අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය 2018 අද (06) ආරම්භ වෙයි.

මෙවර විභාගයට පෙනී සිටින අයදුම් කරුවන් සංඛ්‍යාව 321469කි. අද පැවැත්වෙන විභාගය මධ්‍යස්ථාන 2268ක පැවැත්වෙයි.

විභාගයේ දී කිසියම් වංචාවක් හෝ අක්‍රමිකතාවයක් සිදුවන්නේ නම් විභාග දෙපාර්තමේන්තුව වෙත පහත සඳහන් දූරකතන අංක ඔස්සේ දැනුම් දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

විභාග දෙපාර්තමේන්තු ක්ෂණික ඇමතුම් අංශය- 1911
පාසල් විභාග සංවිධාන ශාඛාව- 0112784208/0112784537/0113188350/0113140314

Read more

Local News