තුන්වන එක්දින තරඟ‌යේ ජයත් දකුණු අප්‍රිකා කණ්ඩායමට

Share

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඊය‌ේ (05)  තුන්වන එක්දින තරඟය පැවැත්විණි.

ඒ අනුව දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 78කින් ජය ගන්නට සමත් විය.

ඒ අනුව තරඟ 05කින් සමන්විත එක්දින තරඟාවලිය තරඟ තුනට බිංදුවක් ලෙස දකුණු අප්‍රිකාව මේ වන විට ජයගෙන සිටියි.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුවෙන් පන්දුවට පහර දිමට දකුණු අප්‍රිකාවට ආරාධනා කළ‌ේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 07කට ලකුණු 363ක් රැස් කිරීමට සමත් විය.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 45යි පන්දු 02කදී සියල්ලන් දැවී රැස් කර ගත හැකිවුයේ ලකුණු 285ක් පමණයි.

මැදපෙළ පිතිකරු ධනංජය ද සිල්වා ඊයේ සිය එක්දින තරග දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරිමට සමත්වූවත් ජයග්‍රහණයට එය ප්‍රමාණවත් වූයේ නැත.

මුලු ලකුණු සංඛ්‍යාව කඩුලු 5ක් දැවී 124ක්ව තිබියදී පිටියට පිවිසි ධනංජය පන්දු 66කට මුහුණ දී හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමග ලකුණු 84ක් රැස් කිරීමට සමත්විය.

Read more

Local News