ගාල්ල දිස්ත්‍රික්කයේ නිල සෙවණ කාර්යාල 5 ක් අද ජනතා අයිතියට

Share

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගේ සංකල්පයකට අනුව ක‍්‍රියාත්මක ‘‘නිල සෙවණ’’ ව්‍යාපෘතියට සමගාමීව ගාල්ල දිස්ත්‍රික්කයේ බෝපේ – පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදිකළ නිල සෙවණ කාර්යාල 5 ක් අද (06) දින ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.

ඒ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ සුරතිනි‍‍.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.

පන්නමග, මුලන බටහිර, මගදෙනිය, කුරුන්දකන්ද, බොකරමුල්ලගොඩ මෙසේ ජනතා අයිතියට පත් කිරීමට නියමිත නිල සෙවණ කාර්යාල වෙයි.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මුල්‍ය ප්‍රතිපාදන මත 2020 අවසානය වන විට ”නිල සෙවණ”කාර්යාල 14,000 ක් ඉදි කිරීමට නියමිත අතර ඒ මගින් කාර්යක්ෂම, විශ්වාසනීය හා ගුණාත්මක රාජ්‍ය සේවයක් ගමේ ජනතාව අතරට ගෙනයාම සදහා අවස්ථාවක් ලැබෙනු ඇත.

නිල සෙවණ කාර්යාලයක් සඳහා රජය වෙන් කරනු ලබන මුදල රුපියල් ලක්ෂ 20කි.

Read more

Local News