දුම්රිය අනතුර සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක්

Share

ඊය‌ේ (06) පස්වරුවේ ක‌ොළඹ ක‌ොටුවේ සිට මහනුවර දක්වා ධාවනය වු සීඝගාමී දුම්රිය ඊට පිටුපසින් පැමිණි රඹුක්කන දක්නා ධාවනය වු පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ආසන්නයේ පනලිය ප්‍රදේශයේදී සිදුවූ දුම්රිය අනතුර සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම්. අබේවික්‍රම වෙත නියෝග කර තිබේ.

අනතුර සිදුකළ දුම්රිය රියදුරාගේ සේවය තාවකාලිකව අත්හිටුවා මෙම පරීක්ෂණ සිදුකරන ලෙසයි දැනුම් දී ඇත්තේ.

ම‌ෙම අනතුර සම්බන්ධව වැරදිකරුව‌ෙකු වන අය තරාතිරම න‌ොබලා විනයානුකූලව දඩුවම් කිරිමට කටයුතු කරන ල‌ෙසට ද අමාත්‍යවරයා වැඩිදුරත් උපද‌ෙස් ද‌ෙන ලදී.

Read more

Local News