කෘෂිකර්ම අමාත්‍යංශ නිලධාරීන්ගේ විදෙස්ගතවීම් සීමා කරයි – අමාත්‍ය මහින්ද අමරවීර

Share

විදේශ ශිෂ්‍යත්ව හෝ පුහුණු වැඩසටහන්වලට ප්‍රාදේශීය හා පළාත් මට්ටමින් සේවය කරන කාෂිකර්ම නිලධාරින්ට හෝ ගොවීන්ට අවස්ථාවන් ලබා දීමේ අරමුණින් අමාත්‍යංශයේ නිලධාරින්ට වසරකට තුන්වතාවකට වඩා විදේශ ගතවීමට අවස්ථාව ලබා නොදෙන ලෙස අමාත්‍යංශ ලේකම්වරයාට තමන් උපදෙස් ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ “අපි වවලයි – අපි කන්නේ” කඩිනම් කෘෂිකාර්මික ක්‍රියාන්විතය පිළිබඳව පොළාන්නරුව හා මාතලේ දිස්ත්‍රික්කවල සිටින කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර සහ සංවර්ධන නිලධාරින්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරෙන දැනුම්වත් කිරීමේ වැඩසටහන්වලට සහභාගී වෙමිනි.

Read more

Local News