පැල මිලියනයක් සිටුවන “සහසක් තුරු” වැඩසටහන හෙට මහනුවරින් ඇර‍ඹේ

Share

ශ‍්‍රී ලංකාවේ නාගරික ප‍්‍රදේශ තුළ දැනට පවතින තුරු ආවරණය ප‍්‍රමාණාත්මකව හා ගුණාත්මකව ඉහල නැංවීම තුළින්, නාගරික ප‍්‍රදේශයන් මුහුණ දෙන වායු දුෂණය, පරිසර උෂ්ණත්වය වැඩිවීම වැනි ගැටළු අවමකර සෙවන සහිත සුවදායී තිරසර නගර ඇති කිරීම අරමුණු කරගනිමින් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට නියමිත “සහසක් තුරු” රුක් රෝපණය කිරීමේ ජාතික පුර සෙවන වැඩසටහන හෙට (09) දා මහනුවර ගන්නෝරුව ගඟබඩ උද්‍යානයෙන් ඇරඹේ.
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ පරිසර හා භූදර්ශන අංශය මගින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.
පළමු අදියර යටතේ ගස් 300 ක් සිටුවීමට කටයුතු කරන අතර මෙම වැඩපිළිවෙළ ලංකාවේ වැඩිම වායු දූෂණයක් ඇති මහනුවර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

Read more

Local News