දුම්රිය වැඩ වර්ජනය තවදුරටත්

Share

වැටුප් ගැටළුවක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් ඊයේ (08) පස්වරුවේ ආරම්භ කළ හදිසි වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි.

දුම්රිය රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ ස්ථානාධිපතිවරුන් මෙම හදිසි වැඩ වර්ජනයක ආරම්භ කළේය.‍

වර්ජනය හේතුවෙන් අද පෙරවරු කාලයේ දුම්රිය ධාවනයක් සිදු නොවූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

හදිසියේ ඇරඹි වර්ජනය හේතුවෙන් අපහසුතාවට පත් මගීන් කොටුව, මරදාන ඇතුලූ දුම්රිය ස්ථාන ගණනාවක කළහකාරී ලෙස හැසිරීම හේතුවෙන් හටගත්තේ උණුසුම් තත්ත්වයකි.

දුම්රිය ස්ථානයේ ආරක්ෂාවට හා මඟීන්ගේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට කටයුතු කර තිබේ.

Read more

Local News