සෞඛ්‍ය සම්පන්න අනාගතයක් නිර්මාණය කිරීම සඳහා “සුරක්‍ෂා” රක්‍ෂණ ක්‍රමය ආරම්භ කළා – අගමැති

Share

ශ්‍රී ලංකාවේ සියලු ම පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවශ්‍ය සෞඛ්‍ය සම්පන්න අනාගතයක් නිර්මාණය කිරීම සඳහා “සුරක්‍ෂා” රක්‍ෂණ ක්‍රමය ආරම්භ කළ බවත් නිදහස් අධ්‍යාපනය ආරම්භ වී වසර 75 ක් ගත වන මොහොතේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රටේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අනාගතය වෙනුවෙන් අප මෙම පියවර ආරම්භ කළ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

“සදා සුරකිමු දැයේ දරුවන්” යන තේමාව යටතේ පාසල් දරු දැරියන් වෙනුවෙන් ආරම්භ කෙරෙන “සුරක්‍ෂා සිසු රක්ෂණය” එළිදැක්වීමේ උත්සවයට අද (02) දින අරලියගහ මන්දිරයේ දී එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

 

Read more

Local News