සිව්වන එක්දින තරඟ‌යේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට

Share

ශ්‍රී ලංකාව සහ සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරඟ 05කින් සමන්විත එක්දින තරඟාවලියේ සිව්වන එක්දින තරඟය ඊයේ (08) පැවැත්විණි.

ඒ අනුව ඊයේ පැවැති තරඟයෙන් ලකුණු 3 ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති තරඟයට ඊයේ වර්ෂාවෙන් අවස්ථා කිහිපයකදීම බාධා එල්ලවිය.

කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකා කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 39 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 306 ක් ලබාගත්තේය.‍

ශ්‍රී ලංකා පිතිකරුවන් කිහිප දෙනෙකුම ඊයේ දිනයේ දී ලකුණු අතරට පිවිසිමට සමත්විය. දික්වැල්ල 34, තරංග 36, කුසල් පෙරේරා 51, තිසර පෙරේරා 51, දසුන් ශානක 65 එසේ ලකුණු අතරට පිවිසි පිතිකරුවෝ වෙති.

දකුණු අප්‍රිකාවට පන්දුවාර 21කදී ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 191ක් රැස්කළ යුතුව තිබුණත් දකුණු අප්‍රිකාවට රැස්කළ හැකිවූයේ ලකුණු 187ක් පමණි.

සුරංග ලක්මාල් යොමුකළ අවසන් පන්දුවාරයට දකුණු අප්‍රිකාවට ලකුණු 8ක් ජයග්‍රහණය සඳහා අවශ්‍ය තිබුණ අතර එම පන්දුවාරයට සුරංග ලබාදුන්නේ ලකුණ 4ක් පමණි. එසේම ඔහු ප්‍රභල ක්‍රීඩක ඩේවිඩ් මිලර් දවා ගැනීමටත් සමත්විය. සුරංග ලක්මාල් ලකුණු 46ට කඩුලු 3ක් දවා ගැනීමට සමත්විය.

තිසර පෙරේරා කඩුලු දෙකක් දවාත්තේය.

තරඟ පහකින් සමන්විත එක්දින තරගාවලිය 3-1ක් ලෙස දැනටමත් දකුණු අප්‍රිකාව ජයගෙන තිබේ.

Read more

Local News