එමසන් මනගග්වා සිම්බාබ්වේ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම තාවකාලිකව අත්හිටුවයි

Share

සිම්බාබ්වේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ජයගත් එමසන් මනගග්වා එරට නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම තාවකාලිකව අත්හිටුවා තිබේන බව එරට විද‌ෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

හෙට දිනයට නියමිතව තිබූ දිවුරුම් දීමේ කටයුතු මෙලෙස අත්හිටුවා ඇති බව සඳහන් ය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පැවැති මැතිවරණයේ ප්‍රතිවාදී අපේක්ෂකයා වූ නෙල්සන් කැමිසා විසින් මැතිවරණය දූෂිත බව පවසමින් එරට අධිකරණයට ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කිරීම හේතුවෙන් මෙලෙස දිවුරුම් දීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.

Read more

Local News