ජනතාවගේ බදු මුදලෙන් සිදු කරන සංවර්ධන කටයුතු සඳහා සිය නම යොදා ගැනීමට දේශපාලනඥයන්ට අයිතියක් නැහැ

Share

මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමට ඊයේ (10) එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා කියා සිටියේ,
ජනතාවගේ බදු මුදලෙන් සිදු කරන සංවර්ධන කටයුතු සඳහා සිය නම යොදා ගැනීමට දේශපාලනඥයන්ට අයිතියක් නැති බවයි. අදාළ සංවර්ධන කටයුත්තේ වටිනාකම ඉතිහාසය කිරා මැන ජනතාව ඊට අදාළ වටිනාකම ලබා දෙනු ඇති බව හෙතෙම පෙන්වා දෙයි.
ප්‍රදර්ශනය මෙම මස 29, 30 සහ 31 වැනි දිනවල මොණරාගල දී පැවැත්වීමට නියමිතය.
අද ශ්‍රී ලංකාවේ වැඩකරන ජනතාවගෙන් ව්‍යවසායකන් ඉන්නෙ 2.8%යි. වියට්නාමයේ ඒ ප්‍රතිශතය 19.6%ක්. තායිලන්තයේ 20%ක්. මහා ජනගහනයක් ඉන්න චීනයේ වැඩකරන ජනතාවගෙන් 7.5%ක් ව්‍යවසායකයන්. ශ්‍රී ලංකාවේ සමස්ත ව්‍යවසායකන්ගේ සංඛ්‍යාව 230,000ක් පමණයි.
“එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනේ අරමුණ මේ ප්‍රමාණය ලක්ෂය දක්වා ඉහළ නැන්වීමයි. ඒ සඳහා තමයි මේ ව්‍යාවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. ගම්දනව්වල ඉන්න තරුණ කොටස් මේ රටේ ව්‍යාවසායකත්ව පරපුරට එකත් කිරීම මෙහි අරමුණයි. සංවර්ධනය කරා ශ්‍රී ලංකාව රැගෙන යන ගමනේ දී ඔවුන්ගේ දායකත්වය ඒ සඳහා ලබා ගැනීම සඳහා මේ වැඩසටහන ක්‍රියාත්මකයි” යැයි ද අමාත්‍යවරයා පැවසීය.
“සංවර්ධනයට පක්ෂ පාට භේදයක් නෑ. ඈත ගමක දුප්පත් දරුවෙක් විදුලිය නැතුව පාඩම් කරනව නම් පක්ෂ පාට භේදයක් නෑ ඒ දරුවගේ නිවසට අපි විදුලිය ලබා දිය යුතුයි. ඒ නිසා රාජ්‍ය නිලධාරීන් විදියට ඔබ හැම මොහොමතකම ජනතාවගේ ගැටලුව මූලික කරගෙන විනා ඔවුන්ගේ දේශපාලනය මූලික කරගෙන ප්‍රශ්න දෙස බලන්න යන්න එපා”.
සංවර්ධනය වගේ කාරණාවක දී මේ ජනතාවගේ දේශපානය කුමක් ද කියල සොයා බලන්න එපා යැයි ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Read more

Local News