වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන්ගේ විරෝධතාවය තවදුරටත්

Share

වැලිකඩ බන්ධනාගාරයේ වහලය මතට නැග විරෝධතාවයක නිරත වී සිටින කාන්තා රැදවියන් තවදුරටත් එම විරෝධතාවයේ නිරත වී සිටින බවට වාර්තා ව‌ෙයි.

බන්ධනාගාරය තුළ නිසි පහසුකම් නොලැබෙන බව සහ නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලමින් ඊයේ (13) පෙරවරුවේ සිට කාන්තා රැදවියන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ වහලය මතට නැග මෙම විරෝධතාවය ආරම්භ කළේය.

මත්කුඩු සම්බන්ධයෙන් චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාර ගතව සිටින කාන්තා රැදවියන් විසි දෙනෙකු පමණ මෙම විරෝධතාවයට එක්ව සිටින බව සඳහන් වෙයි.

ඊයේ පස්වරුවේ මෙම විරෝධතාවයේ නිරතව සිටින රැදවියන් දෙපිරිසක් අතර ඇති වූ ආරවුලකින් රැදවියන් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.

Read more

Local News