පුත්තලම ප්‍රදේශයේ වෙරළ තීරයට ගොඩගසා ඇති සායනික අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක්

Share

පුත්තලම ප්‍රදේශයේ වෙරළ තීරයට ගොඩගසා ඇති සායනික අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත් නැවත දැනුම් දෙන තුරු උඩප්පුව සිට තොඩුවාව දක්වා වෙරළ තීරයට භාවිත කිරීමෙන් වළකින්න යැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මහජනතාව වෙත දැනුම් දෙයි.
එම කලාපයේ ගොඩ ගැසී ඇති සායනික අපද්‍රව්‍ය ඉවත් කරන තුරු එම වෙරළ භාවිතයෙන් වළකින්න යැයි වැඩිදුරටත් ඉල්ලා සිටියි.
ඉන්දියාව ඇතුළු මෙම කලාපයට අයත් රටවල් විසින් ඉවත් කරන ලද සායනික අපද්‍රව්‍ය තොගයක් පුත්තලම වෙරළ තීරයට ගොඩ ගසා තිබෙන අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇතැයි ද වැඩිදුරටත් පෙන්වාදෙයි.

Read more

Local News