ජනතාවගේ මූලික වගකීමක් මහා සංඝරත්නයේ ගෞරවය ආරක්ෂා කිරීම – ජනපති

Share

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ප‍්‍රකාශ කළේ මහා සංඝරත්නයේ ගෞරවය ආරක්ෂා කිරීම බෞද්ධ ජනතාවගේ මූලික වගකීමක් වන අතර, භික්ෂු සමාජයට අගෞරව වන ආකාරයට කිසිවෙකු කටයුතු නොකළයුතු බවයි. ජනාධිපති මේ බව ප‍්‍රකාශ කළේ ගාල්ල, දංගෙදර ශ‍්‍රී ජයවර්ධනාරාම විහාරස්ථානයේ අභිනව බුද්ධ ප‍්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවයට (02) එක්වෙමිනි.

ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ, සියල්ලටම වඩා රටේ සංස්කෘතිය බලවත් බව ද රටේ සංස්කෘතිය පිළිබඳ සියලුදෙනා අවබෝධයෙන් කටයුතු කළයුතු බවයි.

භික්ෂුන් වහන්සේලා අතරේ ඉතා සුළු පිරිසක් සම්බුද්ධ ශාසනයේ පැවැත්මට අභියෝගයක් වන ආකාරයෙන් හැසිරෙනවානම් ඒ පිළිබඳ කරුණු නිරාකරණය කර ගැනීම අදාළ නිකායන්වල මහානායක හිමිවරුන්ට පැවරෙන බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ බෝධි ප‍්‍රාකාරය සහ රන්වැට විවෘත කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය. මහා සංඝරත්නය ද ඇතුළු පළාතේ මැති ඇමතිවරු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more

Local News