ඉතාලියේ ගුවන් පාලමක කොටසක් කඩා වැට‌ෙ‌යි

Share

ඉතාලියේ, ජෙනෝවා නගරයට ආසන්නයේ පිහිටි අධිවේගී මාර්ගයක ගුවන් පාලමක කොටසක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙම අනතුරෙන් පුද්ගලයින් 26 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් 15 දෙනෙකුට අධික පිරිසක් බරපතල තුවාල ලබා ඇති බවයි.

කඩා වැටුණු පාලමේ සුන්බුන් අතර තවත් පිරිසක් සිර වී සිටින බවට ඉතාලි ආරක්ෂක අංශ සැක පළ කරයි.

මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා 300කට අධික පිරිසක් යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

Read more

Local News