බස් වර්ජනයට මුහුණ දීමට ලංගමයෙන් අතිරේක බස්රථ ධාවනයට යොදවයි

Share

පෞද්ගලික බස් සේවක වර්ජනය නිසා මගී ජනතාව පීඩාවට පත් නොකොට ඔවුන්ට ගමන් පහසුව සැලැසීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය විසින් අතිරේක බස්රථ ධාවනයට යොදවා ඇතැයි ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා පවසයි.
”කළුතර, ගාල්ල හා මාතර ප්‍රදේශවල පෞද්ගලික බස් රථ යම් ප්‍රමාණයකට අඩු වී තිබෙන බව වාර්තා වුණා. ඒ ප්‍රදේශ වල ගමනාගමන කටයුතු යථා පරිදි පවත්වාගෙන යාමට අතිරේක ලංගම බස්රථ යෙදවිමට දැනටමත් පියවර ගෙන තිබෙනවා” යයිද සභාපතිවරයා පැවසීය.
යම් ප්‍රදේශයක බස්රථ ධාවනයේ අඩුවක් වාර්තා වු වහාම ලංගම බස් එම ප්‍රදේශවල ධාවනයට යොදන ලෙසටත්, දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර, ගාල්ල සිට කොළඹ දක්වා ධාවනයට අද (16) ලංගම බස්රථ වැඩි සංඛ්‍යාව යෙද වු බව ද රමාල් සිරිවර්ධන මහතා තවදුරටත් පවසා සිටිය‌ේය.

Read more

Local News