දීර්ඝ කාලයක් තිස්සේ ගෙන ඒමට නොහැකි වූ තොරතුරු දැනගැනීමේ පනත වසර තුන ඇතුළත සම්මත කළා

Share

වසර තුන ඇතුළත දීර්ඝ කාලයක් තිස්සේ ගෙන ඒමට නොහැකි වූ තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුවට ගෙනවිත් සම්මත කිරීමට හැකි වූ බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

වසර තුනක රජයේ කාල සීමාව පිළිබඳව කතා කරන විට රජය ආරම්භ කරන විට එම රජයේ සිටි ජනමාධ්‍ය අමාත්‍යවරයා. අපි තවත් මැතිවරණ පොරොන්දුවක් ඉටු කරමින් දීර්ඝ කාලයක් තිස්සේ ගෙන ඒමට නොහැකි වූ තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුවට ගෙනැල්ලා සම්මත කරගන්න සමත් වුණා. එදා නයාට අඳු කොළ වගේ තිබුණු වර්තමානයේ විපක්ෂයේ අය තොරතුරු දැනගන්න පනත් මොකටද? ඕන තොරතුරක් දැනගන්න මගෙන් අහන්න” කියපු නායකයන් හිටපු අවස්ථා අපට මතකයි. අප තොරතුරු දැනගැනීමේ පනත රජයක් ලෙස ගෙනාවා. රජය බය නැතිව එම පනත ගෙනාවා.අද ඕනෑ ම තොරතුරක් ජනතාවට ලබාගැනීමට පුළුවන්. එදා පාර්ලිමේන්තුවේ විරුද්ධ වූ අය අද තොරතුරු පනතින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් ගැන විමසනවා. පනත පාවිච්චි කරමින් ප්‍රයෝජන ගන්නවා. මේ ජයග්‍රහන සියල්ල ලබාදුන්නේ මේ වසර තුන ඇතුළත ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් ප්‍රමුඛ වර්තමාන රජයයි යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

Read more

Local News