නිතිවිර‌ෝධී මත්පැන් නිෂ්පාදනාගාර ද‌ෙකක් සමඟ සැකකරුවන් තිද‌ෙන‌ෙකු අත්අඩංගුවට

Share

සුරාබදු ක‌ොමසාරිස් ජනරාල් ආර්. ස‌ේමසිංහ මහතාට ලැබුණ මහජන පැමිණීල්ලකට අනුව ගාල්ල සුරාබදු කාර්යාලයේ සහ ගාල්ල අක්මීමන විශ‌ේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් එක්ව ගාල්ල නාග‌ොඩ ප්‍රද‌ේශය‌ේ ඊය‌ේ (16) දහවල් සහ රාත්‍රී කාලයේ සිදුකල විශ‌ේෂ ඒකාබද්ධ වැටලීමක දී මහා පරිමාණ නිතිවිර‌ෝධී මත්පැන් නිෂ්පාදනාගාර ද‌ෙකක් සහ අල‌ෙවිකරණ ස්ථානයක් වටලා සැකකරුවන් තිද‌ෙන‌ෙකු අත්අඩංගුවට ග‌ෙන තිබේ.

අත්අඩංගුවට ගත් භාණ්ඩ වල වටිනාකම රුපියල් ලක්ෂ 6ක් පමණ වන අතර සැකකරුවන්ට එර‌ෙහිව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය‌ේ නඩු පැවරීමට නියමිතවයි.

Read more

Local News