ආගමික සහජීවන දහම් පාසල් වැඩසටහනේ සමාරම්භක උත්සවය අද

Share

2018 – ආගමික සහජීවන දහම් පාසල් වැඩසටහනේ සමාරම්භක උත්සවය අද (17) පස්වරු 2.00ට වේයන්ගොඩ, පත්තලගෙදර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේදී පැවැත්වේ.
මෙම වැඩසටහන මේ මස 18 හා 19 දෙදින වේයන්ගොඩ, පත්තලගෙදර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේදී  පැවැත්වෙන අතර ඒ සඳහා බෞද්ධ, හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානි දහම් පාසල් දරුවන්, ගුරුවරුන් හා දෙමාපියන් ඇතුළු 300ක පමණ පිරිසක් සහභාගි වනු ඇත.
බුද්ධශාසන අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවනු ලබන මෙම වැඩසටහනේ සමාරම්භක උත්සවය සඳහා බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන්, තැපැල් හා තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම්, ජාතික ඒකාබද්ධතා හා සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් යන මහත්වරු මේ අවස්ථාවට සහභාගිවීමට නියමිතය.

Read more

Local News