අපජලය විධිමත්ව බැහැර කිරිම සඳහා නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක ක‌ෙ‌රේ

Share

අපජලය විධිමත්ව බැහැර කිරීම වෙනුවෙන් නාගරික අපජල පද්ධතියක් සැකසීමට රජයට ප්‍රංශ රජය විසින් අනුග්‍රහය දක්වා ඇත. රුපියල් මිලියන 20786ක පිරිවැයක් මේ වෙනුවෙන් වැයකෙරෙන අතර ගාල්ල දිස්ත්‍රික්කයේ උණවටුන නාගරික බල ප්‍රද්ශය තුළ මෙම ව්‍යාපෘතිය සිදු කිරිම සඳහා කටයුතු සඳහා රුපියල් මිලියන 490ක් වැය කිරීමට නියමිතය.

මේ අනුව ගාල්ල, මහනුවර, කුරුණෑගල, කැළණිය, කතරගම, මීගමුව, පෑළියගොඩ යන නාගරික ප්‍රදේශයන්හි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකය. ශ්‍රි ලංකාව තුළ 2.12% ක් ප්‍රජාව පමණක් විධිමත් පරිදි අපජලය බැහැර කිරීම සිදු කරනු ලබයි.

Shift ලෙස හඳුන්වනු ලබන මෙම ව්‍යාපෘතිය යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල නගරය සහ උණවටුන යන නාගරික ප්‍රදේශයන් පළමු පියවර ලෙස හඳුනාගෙන ඇත. මේ අනුව පළමු අදියර පවුල් 3000ක් සඳහා නොමිලේ මෙම පිරිපහදු නළ පද්ධතියට අවශ්‍ය සබඳතා ලබා දීමට නියමිතය.

නිවෙස්වලින් බැහැර කරනු ලබන අප ජලය නළ මගින් මධ්‍යස්ථාන කිහිපයකට රැස් කොට පිරිසිදු කර මුදා හැරීම මෙම වැඩපිළිවෙළේ මුලිකම අරමුණයි. විධිමත් පරිදි අප ජලය බැහැර කරලීම ජාතික ප්‍රතිපත්තියක් ලෙස ඉදිරියේදී සැකසීමට නියමිතය.

ඒ අනුව ව්‍යාපෘතිය මඟින් ගාල්ල ප්‍රදේශයේ පියවර 2ක් යටතේ ග්‍රාම නිලධාරී වසම් 43ක් ආවරණය වනු ඇත. උණවටුන ප්‍රදේශයේ හෝටල් 85 ක් පමණ, නිවාස 585 ක් පමණ සහ වෙළඳසැල්, පාසැල්, ආගමික ස්ථාන 103 පමණ ප්‍රමාණයක් ආවරණය කිරීමට නියමිත වේ.

මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රි ලංකා රජය රුපියල් මිලියන 5018ක්, යුරෝපා සංගමය විසින් රුපියල් මිලියන 1100 සහ ප්‍රංශ සංවර්ධන ආයතන මගින් මිලියන 14668 යෙදවිම සිදු වේ.

මෙවැනි මධ්‍යගත අපජල පිරිපහදු පද්ධතියක් අවශ්‍ය වනුයේ, අධික ජනගහනය නිසා භූමි පරිභොජනය වැඩිවීම හේතුවෙන් එක් එක් නිවාස ඒකක සඳහා පූතික ටැංකි වෙනම ඉදිකිරීමට භූමි ප්‍රමාණවත් නොවීමයි. පවතින පූතික ටැංකි පවත්වා ගැනීමේ හා නඩත්තු කිරීමේ අවිධිමත් බව වැළැක්වීම, ස්වාභාවික ජල ප්‍රවාහ වලට නීති විරෝධී ලෙස අපජල බැහැර කිරීමෙන් එම ජල ප්‍රවාහ අපිරිසිදු වීම වැළැක්වීම,භූගත ජල මුලාශ අපවිත්‍ර වීම වැළැක්වීම, ජල කාන්දු වීම නිසා වන නායයෑම් වැළැක්වීම,ක්‍රියාත්මක හා නඩත්තු කිරීමේ පහසුව, පරිසර සංරක්ෂණයට සක්‍රීය දායකත්වය දැක්විමද මෙම ව්‍යපෘතියෙන් අපෙක්ෂිතය. මේ වන විට මහනුවර, කුරුණෑගල, මීගමුව යන නාගරික ප්‍රදේශයන්හි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි.

Read more

Local News