බන්සාලිගේ පළමු තේරීම ප්‍රභාහස්

Share

මේ වසරේ ජනවාරි මාසයේදී ලොවපුරා ප්‍රදර්ශනය වූ සිය නවතම චිත්‍රපටය වූ ‘පද්මාවත්’ චිත්‍රපටයේ ෂාහිඩ් කපූර් රඟපෑ ‘රතන් සිං’ චරිතයට මුලින්ම තෝරා ගෙන තිබුණේ ‘බාහුබලි’ චිත්‍රපට හරහා ලොවපුරා අතිශය ජනප්‍රිය වූ ප්‍රභාහස් බවය.

කෙසේ වෙතත්, චිත්‍රපට කිහිපයක රූපගත කිරීම් නිසාවෙන් අතිශය කාර්යබහුල වූ ප්‍රභාහස්, බන්සාලිගේ ‘පද්මවාත්’ චරිතය ප්‍රතික්ෂේප කර ඇත. එමෙන්ම බන්සාලි, ප්‍රභාහස්ට මේ පිළිබඳව යෝජනා කරද්දි ප්‍රභාහස්ට ‘රතන් සිං’ චරිතයද සිත් නොගත් එකක් වූ බවද සඳහන් වේ.

ජනවාරි 25 වැනිදා තිරගත වූ මෙම ‘පද්මාවත්’ චිත්‍රපටය මේ වනවිට ලොවපුරා ප්‍රදර්ශනය වන අතර, උපයා ගෙන ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 586ක් බව සඳහන් වේ. මෙම චිත්‍රපටය ඉදිරියේදී චිනයේදි ප්‍රදර්ශනය කිරිමට සැලසුම් කර තිබෙන අතර, මෙම චිත්‍රපටය එහිදි තව තවත් ආදායම් උපයාගනු ඇතැයි විශ්වාස කළ හැකිය.

source: saaravita.lk

Read more

Local News