හැටන් ක‌ොළඹ ප්‍රධාන මාර්ගය නායයාමේ අවධානමක් හ‌ේතුව‌ෙන් තාවකාලිකව වසා දමයි

Share

හැටන් ක‌ොළඹ ප්‍රධාන මාර්ගය‌ේ හැටන් ස්ටැඩන් වත්ත ප්‍රද‌ේශය‌ේ විශාල නායයාමකට සක්‍රිය වී ඇති නිසා එම මාර්ගය තාවකාලිකව වසා දැමු බව හැටන් ප‌ොලිසිය පවසයි.

අද (17) උදෑසන එම මාර්ගයට පස් කඳු කිහිපයක් කඩා වැටිම නිසා එම මාර්ගය පැය ද‌ෙකක් පමණ වසා දමා යළි රථ වාහන ගමනා ගමනයට එක් මංතීරුවක් විවෘත කර තිබුණි.

යළිත් අද පස්වරු 4.00 සිට එම ත‌ේ වත්ත ප්‍රද‌ේශය‌ෙන් විශාල පිපුරුමක් ඇති වී ප්‍රධාන මාර්ගයට ඉහලින් ත‌ේ වත්ත‌ේ ක‌ොටසක් ප්‍රධාන මාර්ගයට කඩා වැටිමේ දැඩි අවධානමක් හ‌ේතුව‌ෙන් එම මාර්ගය තාවකාලිකව වසා දැමු බවයි හැටන් ප‌ොලිසිය කියා සිටිය‌ේ.

Read more

Local News