ජාත්‍යන්තර සයිටීස් සමුළුව ලබන වසරේ ශ‍්‍රී ලංකාවේ දී

Share

වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති ශාක හා සත්ත්ව විශේෂ සංරක්ෂණය සඳහා ජනතාව පෙළඹවීමේ අරමුණින් පැවැත්වෙන ජාත්‍යන්තර සයිටීස් සමුළුව ලබන වසරේ ශ‍්‍රී ලංකාවේ දී පැවැත්වේ.

වසර තුනකට වරක් පැවැත්වෙන මෙම සමුළුව 2019 වසරේ මැයි 23 වනදා සිට ජූනි 03 වනදා දක්වා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්වෙන අතර සාමාජික රටවල් 183 ක නියෝජිතයින් සහ අන්තර්ජාතික සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, විවිධ පරිසර සංවිධාන, ලොවපුරා මාධ්‍යවේදීන් ඇතුළු 4000 කට ආසන්න පිරිසක් ඊට එක්වීමට නියමිතය.

අන්තර්ජාතික මට්ටමේ සම්මුතියක් වන සයිටීස් සම්මුතිය හෙවත් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති වනසතුන් සහ පැළෑටිවල ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ සම්මුතියට 1973 වොෂින්ටන් නුවරදී පවත්වන ලද සමාරම්භක සැසියේදී අත්සන් තබා 1975 දී බලාත්මක කෙරුණු අතර ශ‍්‍රී ලංකාව ඊට එක්වන ලද්දේ 1979 වසරේදී ය.

Read more

Local News