දකුණු ඉන්දියාවේ කේරළයේ ගංවතුරෙන් මිය ගිය ගණන 324 දක්වා ඉහළට

Share

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට බලපා ඇති අධික වැසි සහිත අහයපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මිය ගිය පිරිස 324ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සංචාරක ප්‍රාන්තයක් වන කේරළයට වසර සියයකට පසුව බලපෑ දරුණුතම මෝසම් කාලගුණය මෙය බව කාලගුණ අංශ සදහන් කරනු ලැබේ.

කේරළයේ දිස්ත්‍රික්ක 14න් 13කටම කාලගුණය පිළිබඳව රතු නිවේදන නිකුත් කර ඇති අතර අයහපත් කාලගුණයෙන් අවතැන් වූ පුද්ගලයින් 223,123 දෙ‍නෙකු අවතැන් කඳවුරු 1500ක පමණ රඳවා ඇති බව විද‌ෙස් වාර්තා වල සඳහන් ව‌ෙයි.

එරට කාලගුණ බලධාරීන් සඳහන් කළේ, පවතින අයහපත් කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපයේදී ද අපේක්ෂා කළ හැකි බව යි.

Read more

Local News