දේශීය අර්තාපල් ගොවීන්ට ඉහළම ආදායමක්

Share

ආනයනික අර්තාපල් කිලෝවක් සඳහා බදු පැනවීමෙන් දේශීය අර්තාපල් ගොවියාට ඉහළම ආදායමක්.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා දේශීය ගොවීන් සමග කළ සාකච්ඡාවල ප්‍රතිපලයක් වශයෙන් දේශීය අර්තාපල් අස්වනු නෙලා ගැනීමට මාස එකහමාරකට පෙර ආනයනික අර්තාපල් කිලෝවකට රුපියල් 40ක තීරුබද්දක් පැනවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගත්තේය. ඒ අනුව මේ වනවිට දේශීය අර්තාපල් අස්වනු නෙලා ගන්නා අතර දැනට දේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 140- 160 දක්වා මුදලකට දේශීය ගැනුම්කරුවන් විසින් මිල දී ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශයට වාර්තා වී තිබේ.

ඒ අනුව මේ වනවිට දේශීය අර්තාපල් ගොවීන්ට තම නිෂ්පාදන සඳහා මෙතෙක් ඉතිහාසයේ ලැබුනු ඉහළම මිල ලැබී ඇති බව එම ගොවීහු කෘෂිකර්ම අමාත්‍යවරයාට දැනුම් දී තිබේ. අර්තාපල් අස්වනු නෙලාගැනීම ආරම්භක අවස්ථාවේ සිටම ඉහළ මිලක් ලැබීම නිසා ඔවුන් සතුටට පත්ව සිටින අතරම, වැඩිපුර අර්තාපල් අස්වුන්න ලැබනුත් දේශීය අර්තාපල් කිලෝවක ගැනුම් මිල රු. 100-120 දක්වා අතර මැදි තත්ත්වයක පවතිනු ඇතැයි ඔවුහු අපේක්ෂා කරති.

Read more

Local News