දිවයිනේ වැසි සහ සුළං තත්ත්වය අද සිට අඩුවීමේ ලකුණු

Share

දිවයිනේ වැසි සහ සුළං තත්ත්වය අද (20) රාත්‍රියේ සිට ක්‍රමයෙන් අඩු වනු ඇතැයි අපේක්ෂා කෙර‌ෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම සහ සබරගමුව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන අතර බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇති විය හැක.

දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම, වයඹ, උතුරු-මැද, දකුණු, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් බදුල්ල සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50-60 දක්වා තද සුළං ඇතිවිය හැක.

Read more

Local News