නායයාමේ අවධානමක් හ‌ේතුව‌ෙන් වතු පවුල් 23ක් ආරක්ෂිත ස්ථාන වෙත

Share

හැටන් පොලිස් වසමට අයත් ස්ටැඩන් වතුයායේ තේ වත්තේ කොටසක් නායයාමේ භු ලක්ෂණ මතු වු නිසා එම වතුයායේ පදිංචි පවුල් 23 ක සමාජිකයන් 54 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමු කළ බව හැටන් පොලීසිය පවසයි.

මහවැලි ගගේ ප්‍රධාන අතු ශාඛාවක් වන හැටන් ඔයට ඉහළින් ගතවු දින කිහිපය තුළ මධ්‍යම කඳුකරයට බලපෑ දැඩි අයහපත් කාලගුණයත් සමඟ එම තේ වත්තේ කොටසක් ගිලා බැසිමට ලක් වි ඇති බව වතු පාලන අධිකාරිය සඳහන් කරයි.

එම නායයාමේ අවධානම පවතින ස්ථානයට පහලින් වතු නිවාසවල පදිංචිකරුවනුයි මෙසේ ආරක්ෂිත ස්ථාන කරා යොමු කරනු ලැබීය.

එම පවුල්වල සමාජිකයන් හැටන් ෆෘට්හිල් දමිල මහ විද්‍යාලයේ තාවකාලිකව නතර කර ඇති අතර, ඔවුන්ට අවශ්‍ය ආහාර පාන සහ යටිතල පහසුකම් ගිනිගත්හේන ප්‍රාදේශිය කාර්යයාල මඟින් ලබා දි ඇත.

නායයාමේ අවධානමට ලක් වි ඇති ස්ථානය ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ නිලධාරින් පැමිණ පරික්ෂණ පැවැත් විමට නියමිතය.

Read more

Local News