කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අභිනව අනුනායක හිමියන්ට ජනපති උපහාර

Share

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අභිනව අනුනායක ධූරයෙන් පිදුම් ලද  කලූතර, දෙදියවල ශ්‍රී ධර්මාරාම පිරිවෙන් විහාරාධිපති, ඛෙන්තර විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ශාස්ත්‍රපති පූජ්‍ය දෙදියවල තිලකසිරි මාහිමිපාණන් වහන්සේ වෙත ජනාධිපති උපහාර පිරිනැමීමේ විශේෂ පුණ්‍යෝත්සවය ජනාධිපති ගරුමෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පස්වරුවේ පැවැත්විණි.
විහාරස්ථාන කිහිපයක ආධිපත්‍යය හොබවමින් දෙදියවල තිලකසිරි නාහිමියෝ ශාසනික හා සාමාජිය වශයෙන් ඉටු කරන ප්‍රශස්ත සේවය අගයමින් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව විසින් උන්වහන්සේ වෙත මෙම ධූරය පිරිනමා තිබේ.
ඊයේ පස්වරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.
විහාරස්ථානයේ අභිනව ධර්මශාලා මන්දිරය සග සතු කොට පූජා කිරීම සිදුවූයේ ද ජනාධිපතිතුමා අතිනි.
අනතුරුව ජනාධිපතිතුමා අනු නා හිමි උපහාර උත්සවය සදහා එක්වූ අතර අභිනව අනුනායක හිමිපාණන් වහන්සේ වෙත විජිණිපත පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

Read more

Local News