ටුනා මත්ස්‍ය ඇම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය සදහා අවශ්‍ය කටයුතු ආරම්භ ක‌ෙ‌‌රේ

Share

ටුනා මත්ස්‍යයින් ඇල්ලීම සදහා ධිවරයින් භාවිතා කරන ඇම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය සදහා අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇත.

මෙම ඇම නිෂ්පාදනය පුත්තලම දිස්ත්‍රික්කයේන් ආරම්භ කිරීම සදහා අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇතැයි ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය.

එම කටයුතු ආරම්භ කිරීම සදහා වැය කිරීමට අපේක්‍ෂිත මුදල රුපියල් මිලියන 26 කි.

ටුනා මත්ස්‍යන් ඇල්ලීම සදහා වසරකට රුපියල් මිලියන 1107 ක් වටිනා ඇම ආනයනය කරන බව ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරිය සදහන් කළේය.

එම විශාල මුදල රට තුල රදවාගැනීම සදහා ටුනා මත්ස්‍යයින් සදහා භාවිතා කරන ඇම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය සදහා අවශ්‍ය කටයුතු ආරම්භ කරනු ලැබිණි.

Read more

Local News