යාපනය ප්‍රාදේශීය නිල මෙහෙවර ජනතා සේවාවන් හතරක් අද සිට ඇරඹේ

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදේශකත්වයෙන්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් යාපනය දිස්ත්‍රික්කයේ පැවැත්වෙන නිල මෙහෙවර ජනපති ජනතා සේවයේ ප්‍රාදේශීය ජනතා සේවාවන් හතරක් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල මහතා ඇතුළු යාපනය දිස්ත්‍රික් මැතිඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙයි.

ඒ අනුව අද (24) දින පෙ.ව.8.00 ට සන්දිලිප්පායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ජනතා සේවය සන්දිලිප්පායි හින්දු විද්‍යාලයේදී පැවැත්වෙන අතර හ‌ෙට (25) දින පෙ.ව. 8.00 ට උඩුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ජනතා සේවය එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. 26 වන ඉරිදා දින පෙ.ව. 8.00 ට කරවෙට්ටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ජනතා සේවය කරනවායි පොන්නම්බලම් විද්‍යාලයේදී පැවැත්වෙන අතර 27 වන සඳුදා දින පෙ.ව. 8.00 ට මරුතංකේනි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ජනතා සේවය එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.

Read more

Local News