යළිත් දුම්රිය වැඩ වර්ජනයක් 29 වනදා සිට

Share

සිය වැටුප් ගැටළුවට නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් ‌මේ මස 29 වන දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි වර්ජනයක් දියත් කිරීමට දුම්රිය පාලකවරුන්ගේ වෘත්තීය සමිති තීරණය කර තිබේ.

දුම්රිය රියදුරන්, පාලකවරුන්, නියාමකවරුන් සහ ස්ථානාධිපතිවරුන් නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයින් සිය වැටුප් ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පැවැත්විණි.

එම සාකච්ඡාව අසාර්ථක වූ බව සාකච්ඡාවෙන් අනතුරුව දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයින් ප්‍රකාශ කළේය.

Read more

Local News