හිඟුරක්ගොඩ හරහා හමා ගිය තද සුළඟින් නිවාස කිහිපයකට හානි

Share

හිඟුරක්ගොඩ නගරයේ හා ඒ අවට ප්‍රදේශයට ඊයේ (23) සවස බලපෑ තද සුළඟකින් පූර්ණ හානිවූ නිවාස දෙකක් ඇතුළු තවත් නිවාස අටකට හානි සිදුවී ඇති බවට වාර්තා ව‌ෙයි.

විදුලිය සහ දුරකථන රැහැන් පද්ධති මතට ද ගස් කඩා වැටීමෙන් ඒවාට ද හානි සිදුවී තිබේ.

මෙම සුළඟ හේතුවෙන් එම ප්‍රදේශයේ විදලි බලය ද ඇණහිට අැති බව වාර්තා වෙයි.

Read more

Local News