‘චෝගොඩා’ කෝටියක් නරඹයි

40

ඔක්තෝබර් 05 වැනිදා බොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිත අභිරාජ් මිනාවාලාගේ ‘ලවර්රාත්‍රි’ චිත්‍රපටයේ ඇතුලත් ‘චෝගොඩා’ ගීතය පසුගියදා නිකුත් කරනු ලැබීය. නිකුත් කළ දිනයේ සිට පසුගිය සතිඅන්තය දක්වා කාලය තුළ මෙම ගීතය ‘යූටියුබ්’ සමාජජාල වෙබ් අඩවිය හරහා මිලියන 10ක අධික පිරිසක් නරඹා ඇතැයි වාර්තා වේ.

සල්මාන් ඛාන්ගේ නිෂ්පාදනයක් වන ‘ලවර්රාත්‍රී’ චිත්‍රපටයේ ප්‍රධාන චරිත සල්මාන්ගේ නැඟණියගේ සැමියා වන අවුෂ් ෂර්මා හා නවක නිළී වරිණා හුසේන් නිරූපණය කරනු ලබයි. සිනමා විචාරකයන් පවසන්නේ මෙම චිත්‍රපටයට ඇති ප්‍රේක්ෂක උනන්ඳුව මේ වනවිට වැඩි වි තිබෙන බවය.

source: saaravita.lk