පුද්ගලයෙකු බස් රථයක ගැටි බරපතළ තුවාල ලබා රෝහලට

Share

අද (24) උදෑසන 6.30 පමණ බණ්ඩාරගම, කළුතර මාර්ගයේ ගොරොක්ගස් මංසන්දිය අසල දී සිදුවු අනතුරකින් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා බණ්ඩාරගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ.

ගොරොක්ගස් මංසන්දිය අසල මාර්ගය හරහා ගමන් කිරීමට ගිය පුද්ගලයෙක් පුද්ගලික බස් රථයක ගැටීම‌ෙන් මෙම අනතුර සිදුව ඇති බව අසල තිබු ආරක්ෂිත කැමරාවකද සටහන්ව තිබේ.

අනතුරෙන් බරපතළ තුවාල ලබා ඇත්තේ අතුළුගම මහවත්ත ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි  පුද්ගලයෙකි.

මාර්ගයේ එක් පසක නවතා තිබූ පෞද්ගලික බස් රථයකට නැගීමට දිව යෑමේ දී එකවරම මාර්ගයේ ධාවනය වූ වෙනත් පෞද්ගලික බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුර සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලීසිය වැඩිදුර පරික්ෂන පවත්වයි.

Read more

Local News