බොක්කාවල ශ්‍රී ඥානාලෝක බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කෙරේ

Share

මහනුවර, බොක්කාවල, මොරන්කන්ද ශ්‍රී ඥානාලෝක බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පුණේ‍යා්ත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල  සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) පෙරවරුවේ සිදු විය.

චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමට අදාළ සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිතුමා අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙත ප්‍රථම පූජෝපහාරය ද සිදු කළේය.
ඉන් අනතුරුව පැවති උත්සව සභාවේදී විහාරාධිපති පූජ්‍ය හිගුල්වෙල ඥානාලෝක නායක හිමිපාණන් වහන්සේ විසින් ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වීය.
ජනාධිපතිතුමා විසින් ද උන්වහන්සේ වෙත සමරු තිළියක් පිළිගන්වනු ලැබීය.
අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ නිර්මාණ කටයුතු සදහා දායකවූවන්ට තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

Read more

Local News