අමල් කරුණාසේකර 10 වනදා දක්වා යළි රිමාන්ඩ්

Share

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා ලබන මස 10 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය අද (27) නියෝග කළේය.

2008 වසරේ මැයි මස 22 වැනිදා දෙහිවල ප්‍රදේශයේදී මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙනයාමේ සිද්ධියට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශ්‍රාමික මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතා අත්අඩංගුවට ගෙන තිබිණි.

Read more

Local News